Skip to main content

Posts

Showing posts with the label Sinhala

🔴 Codecs ගැන තේරෙන සිංහලෙන් 🔴

Film හෝ TV series ⁣එකක හොඳ කොපි එකක් Download කරන්න කලින් ⁣ගොඩක් දෙනෙක් බලන්නෙ ඒ ඒ කොපි එකේ "Rip" එක. ඒ කිව්වෙ CamRip/HdRip/WebRip/BrRip වගෙ. ඒත් නැත්තම් 720p ද, නැතිනම් 1080p ද, 2160p (4K) ද කියලා.  ඒ වගේම කොපි එකේ සයිස් එක වැඩි නම්, ඒක quality වැඩි කියලා තමයි ගොඩක් දෙනෙක් දන්නෙ. ඒකෙ ඇත්තක් වගෙම පොඩි නිවැරදි කිරීමකුත් කරන්ඩ ඕනෙ.  එ⁣තකොට තමයි මේ "H.264, H.265" සහා අලුතින්ම ආපු "H.266" codecs ගැන කියවෙන්නෙ. එහෙනම් බලමු තේරෙන සිංහලෙන් ඒ ගැන... අලුතින් නිකුත් වුනු "H.266VVC" කියන්නෙ මොකද්ද කියලා දැනගන්ඩ කලින් බලමු මොකද්ද මේ වීඩියෝ coding කියන්නෙ, මොනවද මේ H.264, H.265 කියන්නෙ කියලා.. 📽️ මොකද්ද මේ Video Codec එකක් කියන්නේ? _______________________________________________                        අපි හැමෝම දන්නවා Video එකක් කියන්න වේගයෙන් චලනය වන ඡායාරූප වල එකතුවක්. ඒකට තත්පරයක් ඇතුලත ග්‍රහනය වන ජායාරූප ගණන වැදගත් වෙනවා. ඒ කියන්නෙ Frame Rate එක. සාමාන්‍යයෙන් කැමරාවක තත්පරයකට Frames, නැතිනම් Photos 20ක්, 30ක් ග...